ගොසිප්

නිරෝධායනය වෙමින් සිටියදී රෝහලෙන් පැන ගිය කාන්තාවක් සොයයි

(UTV |ගාල්ල) – ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් රෝහලින් පැනගොස් තිබේ.

කෑගල්ලේ පදිංචිකාරිනියක් වන ඇය 80 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වෙයි.

ඇය අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන වෙමින් සිට තිබේ.

පසුව ඇති වූ මානසික රෝගී තත්ත්වයක් නිසා ඇයව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබුණි.

එසේ රෝහලට ඇතුළත් කර සිටියදී ඇය රෝහලින් පැනගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් ඇයට සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

Mohamed Dilsad

වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයට

Mohamed Dilsad

රනිල් 23දා ජය නැකතින් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment