ගොසිප්

නිරෝධායනය වෙමින් සිටියදී රෝහලෙන් පැන ගිය කාන්තාවක් සොයයි

(UTV |ගාල්ල) – ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් රෝහලින් පැනගොස් තිබේ.

කෑගල්ලේ පදිංචිකාරිනියක් වන ඇය 80 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වෙයි.

ඇය අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන වෙමින් සිට තිබේ.

පසුව ඇති වූ මානසික රෝගී තත්ත්වයක් නිසා ඇයව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබුණි.

එසේ රෝහලට ඇතුළත් කර සිටියදී ඇය රෝහලින් පැනගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් ඇයට සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

භික්ෂූන් වහන්සේ නමකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට

Mohamed Dilsad

ධම්මිකගේ පැණිය කථානායක අතටත් යයි [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

Leave a Comment