දේශීය

ජනපති අද ලංකාගමට

(UTV |කොළඹ) – ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ අතර, ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Related posts

රාජාංගනයෙන් තවත් ආසාදිතයින් 4ක් හමුවේ

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

හපුතලේ ගුවන් අනතුරේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment