දේශීය

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු සහ තවත් පුද්ගලයෙකු පුද්ගලයින් අත්අඩංගුවට  ගැනේ.

පොලිසිය පැවසුවේ කැළණිය, පෙතියාගොඩ පාර ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 2 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම සැකකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමීර නැමැත්තෙකුගේ සොහොයුරෙකු වන බවද හෙළිව තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසිය වෙත භාර දී ඇත.

Related posts

අද කාලගුණ නිවේදනය

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment