දේශීය

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විටවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොටසහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලවැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

Mohamed Dilsad

ඔක්සිජන් රැගත් නෞකාව අද කොළඹ

Mohamed Dilsad

කථානායකගේ කමිටුවේ වාර්තාවට පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයේ විරෝධයක්

Editor O

Leave a Comment