දේශීය

චූටියා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන් සුරංග මානවඩු හෙවත් චූටියා අම්බලන්ගොඩ ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

චූටියා නමැති මෙම සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදා හැරුණු පුද්ගලයෙකි.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් රුපියල් ලක්ෂ 28ක වෛද්‍ය උපකරණ කරවනැල්ල රෝහලට

Editor O

නීතිඥ සංගමයේ නිලවරණය සඳහා දෙදෙනෙක් නාමයෝජනා භාරදෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක – තරඟ කාලසටහන මෙන්න

Editor O

Leave a Comment