කලා

නව වසරේ රජිනිකාන්ත්ගේ පළමු චිත්‍රපටය ‘ඩර්බර්’

(UTV | ඉන්දියාව) –  රාජිනි කාන්ත් ප්‍රධාන චරිතයට පණ පොවන ‘ඩර්බර්’ චිත්‍රපටය මේ වසරේ දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය වන පළමු සුපිරි චිත්‍රපටයයි.

ඔහු සමගින් සුනිල් ෂෙට්ටි, දකුණු ඉන්දීය සුපිරි නිළි නයනතාරා, ප්‍රකාශ් රාජ්, කාර්තික් බාබර්, යෝගී බාබු හා සූරි මෙහි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදෙන අතර රාජිනි කාන්ත් කාලයකට පසුව මෙහි පොලිස් නිලධාරියෙකුගේ චරිතයට එක්ව සිටීම විශේෂත්වයකි.

අයුක්තිය, ආසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මෙම පොලිස් නිලධාරියා මැරයෙකුටත් වඩා දරුණු පුද්ගලයෙකු වෙයි. මෙහි කතාව දිව යන්නේ මෙම පොලිස් නිලධාරියා වටාය.

මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගිය දෙසැම්බර් 21 වැනිදා නිකුත් කළ අතර, එය මේ වනවිටත් මිලියන ගණනක් නරඹා තිබේ.

Related posts

‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ 3වැනි චිත්‍රපටය සඳහා ‘thor’ ?

Mohamed Dilsad

Raees පකිස්ථානය තුල තහනම් කරයි

Mohamed Dilsad

වින් ඩීසල්ගේ නවතම සිනමා පටය මේ මස 13 වනදා

Mohamed Dilsad

Leave a Comment