කලා

‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ 3වැනි චිත්‍රපටය සඳහා ‘thor’ ?

(UTV| ඇමරිකාව) – ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාව නිමාවත් සමග එම චිත්‍රපටයේ සුපිරි තරු වෙනත් චිත්‍රපටවලට සම්බන්ධ කරන්නට ‘මාවල්’ චිත්‍රපට සමාගම තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව 2020 වසරේ තිරගත වන ‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ තුන්වැනි චිත්‍රපටය සඳහා ‘තෝර්’ගේ චරිතය එක් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, මින් ඉදිරියට ‘තෝර්’ චිත්‍රපටය එන ලකුණු නොපවතින අතර, ‘අයන් මෑන්’ හා ‘කැප්ටන් ඇමෙරිකා’ චිත්‍රපට මෙන්ම ‘තෝර්’ චිත්‍රපටයද මින් ඉදිරියට නිර්මාණය නොවන බව විදෙස් මාධ්‍යයන් සඳහන් කර තිබේ.

ඉදිරියට තිරගත වන ‘මාවල්’ චිත්‍රපට අතර මේ වනවිට ඇත්තේ ‘ගාඩියන් ඔෆ්ද ග්ලැක්සි’ තුන්වැන්න, ‘බ්ලැක් පැන්තර්’ දෙවැන්න හා ‘ඩොක්ටර් ස්ටේන්ජ්’ දෙවැන්න පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිතිට පිරිමි දරුවෙක් ලැබෙයි

Mohamed Dilsad

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

Mohamed Dilsad

කරීනා නැවතත් මව් පදවියට

Mohamed Dilsad

Leave a Comment