දේශීය

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනාවක්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය පවසන ආකාරයට ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අතුරු යෝජනා ඇතුළත් වාර්තාවක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට යොමු කර තිබේ.

ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් කිහිපයක් සලකා බලමින් මේ පියවර ගත් බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ස්ථිරව ඉවත් කරන තෙක් ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා මෙම අතුරු යෝජනාවෙන් ඇතුළත් කර ඇති අතර ගුරු – විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කර කඩිනමින් නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට නියමිතයි.

Related posts

ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

සබරගමුව පළාත් සභාවේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් බන්ධනාගාර ගත කරයි.

Editor O

වාහනවලට පැනවූ බදුවලින් ආදායම වැඩි වුණා – නියෝජ්‍ය ඇමති අනිල ජයන්ත

Editor O

Leave a Comment