දේශීය

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනාවක්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය පවසන ආකාරයට ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අතුරු යෝජනා ඇතුළත් වාර්තාවක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට යොමු කර තිබේ.

ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් කිහිපයක් සලකා බලමින් මේ පියවර ගත් බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ස්ථිරව ඉවත් කරන තෙක් ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා මෙම අතුරු යෝජනාවෙන් ඇතුළත් කර ඇති අතර ගුරු – විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කර කඩිනමින් නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට නියමිතයි.

Related posts

කොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයි

Editor O

ඒකාබද්ධ කාල සටහනට ලංගමයේ විරෝධය

Editor O

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

Mohamed Dilsad

Leave a Comment