Trending Newsඑසැන පුවත්දේශීය

සබරගමුව පළාත් සභාවේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් බන්ධනාගාර ගත කරයි.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්  සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු ලබන 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්‍ තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි‍ සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය පසුගිය 07 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා කුසුම්ලතා කුමානායක යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශිය ලේකම්වරයෙකු මෙන්ම සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වු දේවප්‍රිය විජයරාජ මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මඟින් භාර වී තිබුණි.

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරිවරයෙක්, ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත් ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින් මෙම වංචාව හෙළිවීව ඇති බව සඳහන්ය.

අනතුරුව ඊට අදාළව සබරගමු පළාත් සභාවේ ලේකම්වරයෙකු අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

2016 සහ 2017 වර්ෂවලදී මෙම  මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77ක් සිදුකර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි සබරගමු පළාත් සභාව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ

Related posts

අව්වේ යන්නේ බලාගෙනයි! අනතුරු ඇඟවීමකුත් නිකුත් වෙයි

Mohamed Dilsad

தாழ்நில பிரதேச தேயிலை கொழுந்து 103 ரூபாவால் விற்பனை

Mohamed Dilsad

Airport Security stages a protest against actions of its Security Head

Mohamed Dilsad

Leave a Comment