Trending Newsඑසැන පුවත්දේශීය

නලින්ද ජයතිස්ස, කැබිනට් මාධ්‍ය හමුවේ දී බොරු කියලා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිෂමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

අල්ලස් කොමිෂමේ රහසිගත තොරතුරු පිටවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ඉකුත්දා චෝදනාවක් සිදුකළ අතර ඊයේ (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සමබන්ධයෙන් කරුණු දැක්වූ බව සඳහන්.

ඒ මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කළේ නලින්ද ජයතිස්ස මහතා ඊයේ (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බවයි.

හිටපු ජනපතිවරයා කිසිඳු අවස්ථාවක අල්ලස් කොමිෂම වෙත ලිපියක් මඟින් දැනුම් දීමක් කර නොමැති බවයි ඒ මහතාගේ කාර්යාලය පෙන්වා දෙන්නේ.

කොමිෂම වෙත පැමිණීමේ දිනය කල් දමන ලෙස ඉල්ලා ලිපියක් යොමු කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් බවත් එහිදී නීතිඥවරයා ඉල්ලා සිටියේ අප්‍රේල් 17 වැනිදා වෙනුවට අප්‍රේල් 28 වැනිදායින් පසු දිනයක් ලබාදෙන ලෙස බවත් එම නිවේදනයේ සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව අප්‍රේල් 11 වැනිදා ලිපියට අනුව සාක්ෂි දීමට පැමිණෙන ලෙස සඳහන් කළත් අප්‍රේල් 21 වැනිදා අල්ලස් කොමිෂම මඟින් හිටපු ජනපතිවරයා වෙත යොමු කළ ලිපිය මඟින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව චෝදනාවක්ද එල්ල කර තිබුණා.

ඉන් පසු අප්‍රේල් 25 වනදා අල්ලස් කොමිෂමෙන් ඒවා තිබූ ලිපියේ තවදුරටත් සඳහන් කර තිබුණේ හිටපු ජනපතිවරයා අනවශ්‍ය ලෙස මැදිහත්වීමක් කර ඇති බවයි.

මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අප්‍රේල් 11 වැනිදා ලිපිය යොමුකර තිබුණේ අල්ලස් කොමිෂමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතා වන අතර ඉන් පසු ලැබුණු ලිපි දෙකම යොමුකර තිබුණේ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක මහතා වීමද විශේෂත්වයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරින් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

පෞද්ගලික බස් හිමියන්ගෙන් පොදු ප්‍රවාහනය ගැන වර්ණ සැලැස්මක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment