විදෙස්

ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර සාකච්ඡා

(උදයම්,ඇමෙරිකාව)  –  ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්  සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වුණි.

ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල තානාපතිවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවට පෙර බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට පෙර අන්තෝනියෝ ගුටේරස් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් මැක් මස්ටර් ද මුණගැසුණි.

ජගත් මහලේකම්වරයා සහ ජනපති ට්‍රම්ප් ඇමරිකාව සහ ජගත් සංවිධානය අතර ඇති  සහයෝගීතාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව, ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බසිති.

Editor O

Leave a Comment