ක්‍රීඩා

2020 ක්‍රිකට් තරග විකාශන ගිවිසුම ගැන හොයන්න කමිටුවක්

(UTV | කොළඹ) – ලබන වසරේ ක්‍රිකට් තරග විකාශන ගිවිසුම 2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිතය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කිරීමට සුදානම් වේ.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පත් කළ සිව්පුද්ගල කමිටුව විසුරුවා හැරෙනු ඇත.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ සිව්පුද්ගල කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු නම් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

Mohamed Dilsad

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

Editor O

Leave a Comment