ප්‍රමුඛ පුවත 1

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් සමරු මුද්දරයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරයේ ද ආදරයට හා ගෞරවයට පාත්‍ර වී සිටින නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන්  මුල්දින කවරය හා සමරු මුද්දරයක් නිකුත් කෙරුණි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද මුල්දින කවරය හා සමරු මුද්දරය නිකුත් කිරීම අද (30) ගම්පහ දී සිදු  විය.

වර්තමානයේ රාජාගේ හිමිකරු වන්නේ සුප‍්‍රකට හෙළ වෙදැදුරු නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතාය. මෙම හස්තියා ශ‍්‍රී ලංකාවේ උපන් හස්තියකු නොවේ. ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයේ  උපත ලද මෙම හස්තියා කුඩා කල ජීවත්ව සිට ඇත්තේ එම ප‍්‍රාන්තයේ මහාරාජාවරයකුගේ ඇත් ගාලක බව කියැවෙයි. මෙම හස්තියා ශ්‍රී ලංකාවට ලැබුණේ නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබුණු තුටු පඬුරක් ලෙසය.

ඇත් පරපුරේ මෙවන් හස්තියෙකු ඉතා දුර්ලභ වන අතර මෙවැනි ගාම්භීර පෙනුමැති හස්තීන් ජාතික සම්පත් වෙයි. මුල්දින කවරය නිකුත් කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, තැපැල්පති රංජිත් ආරියරත්න්න මහතා ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

Mohamed Dilsad

Leave a Comment