ප්‍රමුඛ පුවත 1

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

(UTV| කොළඹ) – ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවේ.

පිළිබඳව ඒ මහතා පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත.

ඉඩම් ගැටළුවක් මත හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බව වාර්තා වේ.

මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇති අතර මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය.

මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතුබව ඩිලන්ත මාලගමුව මහතා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්.

Mohamed Dilsad

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

Mohamed Dilsad

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment