ප්‍රමුඛ පුවත 1

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහයා හෙට දිනයේ පියවී ඇසින් දැක ගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
පෝය දින වන හෙට (12 ) සිකුරු ග්‍රහලෝකය වඩාත් දීප්තිමත්ව සහ පැහැදිලිව දිස් වනු ඇති.

 

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙහිදී ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.

 

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද සිදුවන බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පලා ගිය මුලතිව් රැඳවියන් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි

Mohamed Dilsad

නව තානාපතිවරු 14 දෙනෙක් ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment