ව්‍යාපාරික

මඩකළපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ලෙස සංවර්ධනය කිරීමට කටයුතු

(UTV | කොළඹ) – මඩකළපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ.

ඒ සදහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පලව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

දැනට ඉන්දීය ගුවන් ගමන් කටුනායකට හා යාපනය පලාලි ගුවන් තොටුපල දක්වා සිදුකෙරුණු අතර දැනට දෛනිකව පෙ.ව 08.00 සිට සවස 06.00 දක්වා මඩකලපුව ගුවන් තොටුපළේ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.

මඩකලපුව ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග හා එම ගුවන් තොටුපලේ දියුණු කළ යුතු අංශ පිළිබද වාර්තාවක් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

Mohamed Dilsad

මෙරට ඇඟලුම් කර්මාන්ත වර්ධනයට රෙදිපිළි උද්‍යානයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපොළ සැකසේ

Mohamed Dilsad

Leave a Comment