ප්‍රමුඛ පුවත 1

මෙරට නීති කෙටුම්පත් හදන්න බ්‍රිතාන්‍යයේ සහය [VIDEO]

(UTV | කොළඹ) – මෙරට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම් පත් සම්පාදනයට බ්‍රිතාන්‍ය රජයෙන් විශේෂඥ දැනුම ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය පවසයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  සාරා අතර හමුවක් අද (27) පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු වුණි.

නව රජය විසින් නීති ක්ෂේත්‍රයේ ඉටු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවන් මෙන්ම බන්ධනාගාර අංශයේ ප්‍රතිසංස්කරණයන් පිළිබදව අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කරන ලදී.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම් පත් සම්පාදනය යන අංශයන් සදහා මහා බ්‍රිතාන්‍ය රජය විසින් විශේෂඥ දැනුම ලබාදීමට සුදානම් බවත්, සිදු කර ගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව සිය ප්‍රසාදය පළ කරන බවත්, මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ මෙරට සෑම ජන වර්ගයකටම නීතියේ හා යුක්තියේ සාධාරණත්වය එකසේ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය හා වැඩ පිළිවෙල බවත්, ඡන්දය ලබා දුන් නොදුන් සියලු දෙනාටම එකසේ සේවය කිරීමට මෙම රජය කටයුතු කරන බවත්, නීතියේ ආධිපත්‍යය සුරකීම සදහා රජය කටයුතු කරන බවත්, එහිදී අමාත්‍යවරයා සදහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේවා ස්ථානවලට වාර්තා නොකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගනී

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

සන්සුන්ව ඉවසීමෙන් සිට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය දෙන්න -අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

Leave a Comment