ප්‍රමුඛ පුවත 1

තැපැල් කාර්යාල අන්තර්ජාලයට එක් කිරීමට පියවර

(UTV | කොළඹ) – කෙටි කාලයක් ඇතුළත සියලුම තැපැල් කාර්යාල කඩිනමින් අන්තර්ජාලයට එක් කිරීමට කටයුතු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා තැපෑල මේ වන විට 61% ක් අදායම් ලබන තත්ත්වයේ පවතින බවත් තැපෑල Teleshop එකක් ලෙස ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මෙමඟින් ක්ෂණිකව බිල්පත් ආදිය ගෙවීමේ පහසුකම් සෑම තැපැල් කාර්යයාලයකට ම ලබා දීමට කටයුතු කරන බව සඳහන් වෙයි.

අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව දැනටමත් මුලික මට්ටමේ සාකච්ඡා වර දෙකක් පවත්වා ඇති බවයි.

ඒ සමඟම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එක්ව කඩිනමින්ම ඉදිරි මාස තුන ඇතුළත එකී වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්නාරම අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අද

Mohamed Dilsad

ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්

Mohamed Dilsad

Leave a Comment