ප්‍රමුඛ පුවත 1

ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්

(UTV| කොළඹ) – මෙම වසරේ ගත වූ මාස 9 තුළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණිලි 2700 ක් ලැබී ඇති බව එම කොමිසම විසින් ප්‍රකාශ කරනු ලබයි.

ඉන් පැමිණිලි 1699 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගෙන ඇති අතර අල්ලස් පනතට අදාල නොවන සහ ප්‍රමාණවත් කරුණු නොමැති වීම හේතුවෙන් පැමිණිලි 772 ක් විමර්ශනය සඳහා යෙදා නොගත් බව එම කොමිසම් සභාව සඳහන් කරයි.

දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 1169ක්, අල්ලස් ලබාගැනීම්  පිළිබඳව පැමිණිලි 388 ක් සහ අයතු වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් පැමිණිලි 83 ක් අල්ලස් කොමිසම වෙත ලැබී ඇති බව සඳහන් වෙයි.

එම කොමිසම් සභාව මෙම වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩගුවට ගෙන ඇති අතර ඉන් 34 දෙනෙකුම රාජ්‍ය නිලධාරීන් වේ.

ලැබී ඇති පැමිණිලිවලට අනුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 15 ක් සහ මහාධිකරණවල නඩු 25 ක් පැවරීමට ද කටයුතු කර ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් භාරවෙයි..

Mohamed Dilsad

සීෂෙල්ස් උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට..

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment