ප්‍රමුඛ පුවත 1

පාඨලී අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තාවක්

(UTV | කොළඹ) – පොලිස් කොමිසම පවසන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට (23) වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත වේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බව වාර්තා වේ.

පොලිස් අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා තිබේ.

ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය

Mohamed Dilsad

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment