ප්‍රමුඛ පුවත 1

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වේ

(UTV | කොළඹ) – කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 20 වනදා ආරම්භ කිරීමට අද (18) නියෝග කළේය.

මීට අදාළ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදි මෙම නියෝගය දී තිබේ.

ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න ද මෙම යුද හමුදා නිලධාරීන් අතර වේ.

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ, මාධ්‍යවේදී නන්දන වීරරත්න සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු යැයි පවසන සුරේෂ් කුමාර් හෙවත් මුරලි යන අය මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර ඔවුන්ටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට පෙර මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වීමට යයි

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?

Mohamed Dilsad

Leave a Comment