විදෙස්

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට ඉස්ලාමාබාද්හි පැවති විශේෂ අධිකරණ නඩු විභාගයකදී මරණ නියමවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එරෙහිව 2013 සිට විභාග වෙමින් පවති.

ඒ අනුව මේ වන විට 76 වන වියේ පසු වන ඔහුට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජෙනරාල් මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අතර 2001 සිට 2008 දක්වා එරට ජනාධිපති ලෙස සේවය කළේය.

ඔහු 2016 වසරේ සිට ඩුබායිහි සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දීමෙන් පසුව ය.

 

Related posts

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශ

Mohamed Dilsad

කාශ්මීරයේ ජන සංහාරය නැවැත්වීමට ඉන්දියානු රජයට බලපෑම් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment