විදෙස්

‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශ

(උදයම්,ඇමෙරිකාව)  – පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයා ගෙන නොමැති බව එරට බුද්ධි අංශ පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සටනේදී ජනාධිපති ඔබාමා තමාගේ දුරකථන ඇමතුම්වලට රහසිගතව සම්බන්ධ වී සිටි බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළේය.

නමුත් හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කර තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කිසිදු ඇමරිකානු පුරවැසියෙකුගේ දුරකථන සංවාද ඇසීමට තමාට හෝ ධවල මන්දිරයට අවශ්‍යතාවයක් නොතිබූ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව එරට බුද්ධි අංශ සඳහන් කළේය.

එමෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන්දී ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Related posts

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

කොරෝනා රටවල් 25කට පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment