විදෙස්

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

(UTV |පාකිස්තානය) – පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට ඉස්ලාමාබාද්හි පැවති විශේෂ අධිකරණ නඩු විභාගයකදී මරණ නියමවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එරෙහිව 2013 සිට විභාග වෙමින් පවති.

ඒ අනුව මේ වන විට 76 වන වියේ පසු වන ඔහුට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජෙනරාල් මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අතර 2001 සිට 2008 දක්වා එරට ජනාධිපති ලෙස සේවය කළේය.

ඔහු 2016 වසරේ සිට ඩුබායිහි සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දීමෙන් පසුව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු දකුණු කොරියානුවන් එකම වෙලාවකට වැඩ

Mohamed Dilsad

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment