විදෙස්

සජීවි විකාශයක් අතරතුර මියගියා යැයි කී පාකිස්ථාන් නිවේදිකාව තවමත් ජීවතුන් අතර

(උදයම්,පාකිස්තානය)  – සජීවී විකාශයක් අතරතුර පාකිස්ථාන් නිවේදිකාවක් මියගිය පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණි.

ඇය පුවත් විකාශය අතරතුර කේ‍්‍රන් එකක් මතින් ඇද වැටෙන අයුරුත් ඒ අවස්ථාවේ දී එහි සිටින පුද්ගලයින් ඇය ව ඔසවාගෙන යන අයුරුත් දැක්වෙන වීඩියෝවක් මෙහිදී ප්‍රචාරය විය.

මෙම සිදුවීම පසුගිය වසරේ සිදුවූවක් බවත්, තමන් ඒ මොහොතේ අව් රශ්මිය දරා ගැනීමට නොහැකිවීම මත ක්ලාන්තයක් වී නිවේදන කටයුතු කරමින් සිටි ස්ථානයෙන් බිම ඇද ගෙන වැටුන නමුත් ඉන් තමන් මියගිය නොමැති බවත් අදාළ නිවේදිකාව පවසයි.

එහෙත් සමාජ මාධ්‍ය තුළින් ඇය එම අවස්ථාවේම මියගිය බව ප‍්‍රචාරණය කර තිබුණි.

ඇය මේ වනවිටත් පාකිස්ථානයේ 29 news නම් රූපවාහිනි සේවාවේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවය කරන අතර තමා මියගොස් නැති බව පවසමින් ඇය තවත් වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කර ඇත.

 

 

Related posts

කොරෝනා මරණ ගනණ 8000ට ළං වෙයි

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment