විදෙස්

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට ඉස්ලාමාබාද්හි පැවති විශේෂ අධිකරණ නඩු විභාගයකදී මරණ නියමවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එරෙහිව 2013 සිට විභාග වෙමින් පවති.

ඒ අනුව මේ වන විට 76 වන වියේ පසු වන ඔහුට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජෙනරාල් මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අතර 2001 සිට 2008 දක්වා එරට ජනාධිපති ලෙස සේවය කළේය.

ඔහු 2016 වසරේ සිට ඩුබායිහි සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දීමෙන් පසුව ය.

 

Related posts

පෘතුගාල ජනාධිපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

නයිරෝබි නුවර ගින්නකින් 15 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment