ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හදිසි නඩත්තු කටයුතු තත්වයක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (17) පෙරවරු 8 සිට හෙට (18) පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇළ සහ කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කැළණිය, වත්තල, බියගම, මහර සහ දොම්පේ, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද මීට අමතරව ජල සැපයුම අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල සහ බේරුවල යන ප්‍රදේශවලට ද විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිබලය සැපයීම නතර කිරීම හේතුවෙන් අද උදෑසන 8 සිට පස්වරු 7.30 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇත.

බෝම්ඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට ප්‍රදේශවලට ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදූව පිවිසුම් යටවෙයි

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම කල්යයි

Mohamed Dilsad

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමකට

Mohamed Dilsad

Leave a Comment