ප්‍රමුඛ පුවත 1

තිරිඟු පිටි බද්ද අඩු කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – ආනයනික තිරිඟු පිටි සඳහා මෙතෙක් පැවැති කිලෝග්‍රෑමයකට රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යානංශය වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී ඇති බවයි.

මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් දෙසැම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක වේ.

මෙරටට අවශ්‍ය තිරිඟු පිටි අවශ්‍යතාවය සපුරනු ලැබුවේ තිරිඟු ඇට ආනයනය කර දේශීය වශයෙන් පිටි බවට පත්කිරීමෙනි.

පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට පොලිස් මෙහෙයුම් මැදිරි 473ක්

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

සරසවි නේවාසිකාගාර ගැටලුවට කඩිනමින් විසදුම් -ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment