ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ අනුව ඔවුන් මේ මස 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඔවුන් අද පෙරවරුවේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්. එච්. ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කර තිබේ.

එහිදී මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරය වෙතත් සෙසු සියලූ දෙනා පල්ලෙකැලේ – දුම්බර බන්ධනාගාරය වෙතත් රැගෙනගොස් ඇත.

ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනේ මහනුවර පොලිස් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයක අනර්ථකාරී ක්‍රියා සිදුකිරීම සහ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේය වූ චෝදනා සම්බන්ධයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වසා දැමු කැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ හෙට විවෘත වේ.

Mohamed Dilsad

අගමැති මහින්ද මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදකී

Mohamed Dilsad

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

Leave a Comment