ප්‍රමුඛ පුවත 1

සරසවි නේවාසිකාගාර ගැටලුවට කඩිනමින් විසදුම් -ඇමති කිරිඇල්ල

(UTV|කොළඹ) – විශ්වවිද්‍යාල සියලු නේවසිකාගර ප්‍රශ්නය ලබන වසර වනවිට අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

නේවාසිකාගාර හා ආපනශාලා ප්‍රශ්නය මෙන් ම නේවාසිකාගාර,පුස්තකාල,වැසිකිළි පහසුකම් වැඩිදියුණු කරනවා දැයි විමසූ පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

මේ පිළිබඳව දැනටමත් අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

බිලියන 50කට වැඩි මුදලක් විශ්වවිද්යාලවල පහසුකම් වැඩි කිරීමට යොදවා ඇත. රැකියා වෙලඳපොළට ගැටපෙන ආකාරයට විෂය නිර්දේශ සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවද අමාත්‍යවරයා වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසී ය.

Related posts

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි

Mohamed Dilsad

ගෝඨාභය නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment