ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට අදත් මහ වැසි

(UTV | කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වල සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ප.ව.1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75)පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

තවත් සද්දන්තයෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

නානුඔය කලහකාරී ලෙස හැසිරුණු පිරිස රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment