ප්‍රමුඛ පුවත 1

හැටන් ප්‍රදේශයේ ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ජල සම්පාදන මණ්ඩලය විසින් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ ජලය බෙදා හැරීම දින කිහිපයක් අත්හිටුවන බව පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබේ.

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය සිදුකළ නිවේදනයේ සඳහන් වන පරිදි හැටන් පැති වීදියේ පවතින පැරණි ජල නල වෙනුවට නව ජල නල සවි කිරීමේ නඩත්තු කටයුත්ත අද (06) දින පස්වරු 6 සිට 2019.12.12 දින දක්වා සිදු කෙරේ.

ඒ අනුව 2019.12.07 දින පස්වරු 3 සිට 2019.12.09 දින දක්වා මධ්‍යම රාත්‍රිය වන තෙක් හැටන් පැති වීදිය, සමනළගම, වට රවුම් පාර, හැටන් පොල ඉහළ කොටසටත් 2019.12.09 දින පෙව 1 සිට 2019.12.11 දින මධ්‍යම රාත්‍රිය වන තෙක් පොන්නගර්, කැම්ප්වැලි, විල්ප්‍රඩ්පුර, සාලියපුර, දික්ඔය, අලුත්ගල්ල, මල්ලිඅප්පුව, දිඹුල යන ප්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවා තිබේ.

මීට අමතරව හැටන් නගරයේ ඇතැම් ස්ථාන සඳහා මෙම කාල සීමාව තුළ එක් දිනක් හදිසියේ ජලය කප්පාදු කිරීමට සිදු වන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.

ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු කටයුත්ත හේතුවෙන් හැටන් නගරයේ පැති වීදිය එම කාල සිමාවේදි රථ වාහන ගමනාගමනය සඳහා සම්පුර්ණයෙන්ම වසා දමන බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්දන් පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරදානේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා රජයට සිහිකැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment