ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව යළිත් නඩු

 

(UTV| කොළඹ) –  රාජ්‍ය අමාත්‍ය පියංකර ජයත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අද (06) යළිත් නඩු පවරනු ලැබුවේය.

ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ මැයි මස 21 වැනිදා ශ්‍රී ලංකන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ 30,000 ක මුදලක් මාරවිල ගම්බද කේටර්ස් ආයතනය වෙත ගෙවීමට එහි ප්‍රධාන විධායක නිලධාරීයා පෙළඹවීම ඇතුළු අධිචෝදනා 02 ක් යටතේ අදාළ නඩු පවරනු ලැබීය.

මෙම චෝදනා මුල් කර ගනිමින් ඔහුට එරෙහිව මීට පෙර කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැති වීම නිසා අල්ලස් කොමිසම අදාළ නඩුව පසුගිය 03 වැනිදා ඉල්ලා අස්කර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළදපොළේ මිල දර්ශකය යලි පහතට

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment