ප්‍රමුඛ පුවත 1

මරදානේ වෙඩි තැබීමක්

(UTV| කොළඹ) – මරදාන, මාලිගාකන්ද පාර ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ රාති‍්‍ර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

මුදල් ආරවුලක් හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයෙකු සහ එහි පැමිණි තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇත.

නිවසට පැමිණි පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර තුවාල ලැබු නිවසේ සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සදහන් කළේය.

වෙඩි තැබීම සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පලාගොස් තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මරදාන පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

35 වන පොලිස් විශේෂ කාර්ය බලකා රණවිරු ගුණසැමරුම අදයි

Mohamed Dilsad

ගෑස් වල මිල පහළට

Mohamed Dilsad

ඉදිරි දින වල වැසි තත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment