ප්‍රමුඛ පුවත 1

ඉදිරි දින වල වැසි තත්වයේ වර්ධනයක්

(උදයම්,කොළඹ)  –  ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිර,සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 50 ට වැඩි)තරමක් තද වැසි ද  ඇති විය හැක.

දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

Mohamed Dilsad

මෙන්න මෙවර උස්ස පෙළ විශිෂ්ටයින්..

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ට ඇප

Mohamed Dilsad

Leave a Comment