විදෙස්

මෙක්සිකෝ දේශසීමා පවුර කඩිනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

(උදයම්,කොළඹ)  – මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීම ඉතා කඩිනමින් ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කන්සර්වටිව් පක්ෂ දේශපාලන ක්‍රියාකාරී මණ්ඩලය අමතමින් ඔහු කියා සිටියේ එම කටයුත්ත සැලසුම් කළ කාලයට පෙර ආරම්භ කරන බවය.

අයහපත් පුද්ගලයන් ඇමරිකාවෙන් පිටුවහල් කිරීම ද තමා පොරොන්දු වූ ආකාරයෙන් සිදුකරන බව ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ටිලර්සන් සහ ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා මෙක්සිකෝවේ සංචාරයක නිරත වී දිනක් ඇතුළත ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකිරීම ද විශේෂත්වයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර මෙම මහා පවුර ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 21.5ක් පමණ වැය වේ යැයි ගණන් බලා තිබේ.

 

Related posts

ඊජිප්තු ප්‍රහාරයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ නමින් දුම්රියපොලක්

Mohamed Dilsad

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

Leave a Comment