විදෙස්

ට්‍රම්ප්ගේ නමින් දුම්රියපොලක්

(UTV|ඇමෙරිකාව)  – ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් ජෙරුසෙලමේ දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කරයි.

මධ්‍යම ජෙරුසෙලමේ සිට වෙස්ටන් වෝල් දක්වා ඉදිවෙමින් පවතින අධිවේගී දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් මෙලෙස ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් නම් කිරීමට තීරණය කළ බව එරට ප්‍රවාහන අමාත්‍ය යීස්රායල් කැත්ස් පවසා ඇත.

ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජෙරුසෙලම පිළිබඳ පසුගිය කාලසීමාව තුළ මතභේදාත්මක තත්වයක් ඇති විය.

මෙම තීරණයත් සමඟ ජෙරුසෙලමේ විවිධත්වය ජනපති ට්‍රම්ප් විසින් නොසලකා හැරීම පිළිබදව ජනතාවගෙන් දැඩි විවේචන එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සරණාගතයින් 90ක් මුහුදට බිලි

Mohamed Dilsad

සෝනියා ගාන්ධි නැවතත් ඉන්දියාවේ විපක්ෂ නායකත්වයට

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප්ගේ හිත වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment