ප්‍රමුඛ පුවත 1

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

(UTV | කොළඹ) – ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත අදාළ නව පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු , නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදෙයි.

මිට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා පත් කර ඇති බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදුලිබල අර්බුදය විසඳීමට අමාත්‍ය මණ්ඩල කමිටුව

Mohamed Dilsad

පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්වෙමු – අග්‍රාමාත්‍ය

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා වාර්තාව ජනපතිවරයා වෙත භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment