ප්‍රමුඛ පුවත 1

කැප්පෙටිපොළ වීරවරයා ප‍්‍රමුඛ විරුවන්ට පිං පැමිණවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ඌව – වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොල විරුවා ප්‍රමුඛ  දස දහසක් විරුවන්ට පින් පැමිණවීම වෙනුවෙන් සංවිධාන කළ පුණ්‍යයෝත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (25) පැවැත්වුණි.

එහිදී ජනාධීපතිවරයා කැප්පෙටිපොල වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වූ අතර, ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමටද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිදහස් අරගලයේදී දිවි පිදූ විරුවන් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් සිදුකළ අතර, වීර කැප්පෙටිපොල අනුස්මරණ ගුණකථනය පවත්වනු ලැබුවේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් විසිනි.\

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

අප්‍රේල් පළමුවෙනිදාට නිකුත් වූ සුබ පැතුම් පණිවිඩය

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ නඩුව දෙසැම්බරයට කල් යයි

Mohamed Dilsad

Leave a Comment