ප්‍රමුඛ පුවත 1

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

(UTV | කොළඹ) – සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් හෙට(04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා .මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව හෙට පෙරවරු 10.00ට  පැවැත්වීමට නියමිතය.

ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අමතරව නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි, කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන්ද මෙහිදී  අවධානය යොමු කරනු ඇත.

තවද මැතිවරණ අවස්ථාවන්හිදි දේශපාලන පක්ෂ විසින් සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබඳව ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙහිදි දැනුම්වත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව මානව කොමිසම වෙත පැමිණිල්ලක්…

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment