ප්‍රමුඛ පුවත 1

වාසි පතා ජනපති නම විකුණන අය නීතිය හමුවට

(UTV | කොළඹ) – ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි යැයි ඔවුහු ජනතාවට පවසති. මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථා දැන ගැනීමට ඇත.

ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීම ය. පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා එතුමා පොළඹවා ගැනීමට කවරෙකුට හෝ නොපිළිවන.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට කාරුණිකව දැනුම් දෙයි. ජනාධිපතිතුමාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට එරෙහිව යළිත් විවෘත වරෙන්තු

Mohamed Dilsad

මහනුවර පාසැල් සඳුදා යළි ඇරේ

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment