ප්‍රමුඛ පුවත 1

පීලි පැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය ධාවනට තවදුරටත් බාධා

 

(UTV | කොළඹ) –  ගල්ගමුව සහ අඹන්පොල අතර ඊයේ (27) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යාපනය සිට කොළඹ බලා පැමිණි යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය ඊයේ පෙරවරු 6.25 ට මෙලෙස පීලිපැනීමකට ලක්විය.

දුම්රියේ මැදිරි 05 ක් පීලිපැනීමකට ලක්වී ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලූ දුම්රිය මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා කර ඇත.

මේ හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කන්කසන්තුරය සහ යාපනය බලා ගමන් ගන්නා තැපැල් දුම්රිය දෙකක් මෙලෙස අවලංගු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරයි

Mohamed Dilsad

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද

Mohamed Dilsad

Leave a Comment