ප්‍රමුඛ පුවත 1

අද සිට දීප ව්‍යාප්ත ‍ඩෙංගු මර්ධන වැඩසටහනක්

(UTV | කොළඹ) -සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් අද (27) සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොළඹ, ගම්පහ, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 06ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද සහභාගී වනු ඇත.

එම ඩෙංගු මර්ධන වැඩසටහන අද සිට දින 06 ක් පුරා ක්‍රියාත්මක කෙරෙන බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇති අතර, වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 කට අධික ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ පළාතටම ඇඳිරි නීතිය පැනවෙයි..

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ලන්ඩනයේදී ජනපති සමඟ ශ්‍රීලාංකිකයින් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment