ප්‍රමුඛ පුවත 1

ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 42 ක් යළි දිවයිනට

 

(UTV | කොළඹ) – ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 දෙනෙක් අද (27) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදරවලට ලක් වී සේව‍යට සරිලන නිසි වැටුපක් පවා නොලබා සේවය කළ පිරිස සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙයි.

මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් ඕමානයේ ” සබායා ගිලිස් ” සහ ” අබු අලීෆා ” හි රැඳවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත .

මෙම රැඳවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව , අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටිය බැව් මෙම කාන්තාවන් පැවසීය .

ඕමානයේ මස්කට් සිට පැමිණි සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් මෙම පිරිස අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කාලගුණ තත්වයේ සුළු වෙනසක්

Mohamed Dilsad

අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment