ප්‍රමුඛ පුවත 1

පාසල් නිල ඇඳුම් ලබන වසර මුල සිට

 

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් 2019 පාසල් වාරය තව දින තුනකින් (03) නිමාවට පත්වීමට නියමිත බවත් එසේ තිබියදීත් 2020 වසර වෙනුවෙන් නියමිත නිල ඇඳුම් දරුවන්ට ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනීම කණගාටුවට කරුණක් බව පවසයි.

එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු බව නිවේදනයක් නිතුක් කරමින් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඊළඟ වර්ෂවල දී නිල ඇඳුම් වෙනුවට වවුචර පත් ලබාදෙන්නේ ද, රෙදි ලබාදෙන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ලැබී නොතිබුණු අතර පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරපත් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් ව තිබූ තිබිණි.

මේ හේතුවෙන් 2020 වර්ෂය සඳහා පසුගිය වර්ෂයේ පැවති මිල ගණන් යටතේ ම නිල ඇඳුම් සඳහා වවුචරපත් ලබාදීමට අදාළ ව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තීරණයක් ලබා දී නොමැත.

එබැවින් හෙට දින (27) මේ සම්බන්ධ ව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දී සිදුකිරීමට අදාළ සියලු පියවර ගන්නා බව පවසන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගන්නා බව ද සහතික කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාකච්ඡා වලට ප්‍රතිචාරයක් නෑ.දුම්රිය වර්ජනය ස්ථිරයි

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ඇප අයදුම්පත් යළි කැඳවීම කල් යයි

Mohamed Dilsad

ජනපති අද නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment