ප්‍රමුඛ පුවත 1

පූජිත් සහ හේමසිරි ඇප අයදුම්පත් යළි කැඳවීම කල් යයි

 

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ගොනු කළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත් ලබන මස 17 වනදා යළි කැඳවීමට අද (27) නියෝග කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගොනු කළ ඇප අයදුම්පත මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි ඉදිරියේ සළකා බැලුනු අතර, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ඇප අයදුම මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ සළකා බැලිණි.

මහාධිකරණය විසින් මෙහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වන නිතිපති දප්පුල ලිවේරා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි වානිජ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරියට නොතීසී නිකුත් කීරීමට නියෝග කළේය .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

තිස්සගේ නඩුව කෙටි ක්‍රමයකින් අවසන් වන ලකුණු

Mohamed Dilsad

අකුරැස්සේ බස් රථ අනතුරෙන් 52 කුට තුවාල

Mohamed Dilsad

Leave a Comment