ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වසර 7 කට පසු මත්තලට එමිරේට්ස් ගුවන් යානයක්

(UTV | කොළඹ) –  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

කටුනායක අවට ප්‍රදේශයට ඊයේ (18) දින හදිසියේම ඇතිවූ අධික වැසි ,දැඩි අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබුණි.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානය ඊයේ පස්වරු 6.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණියත් , අයහපත් කාළගුණය හේතුවෙන් එය පස්වරු 6.56 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් වසර 07 කට පසුව මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීම විශේෂත්වයකි.

මෙම එමිරේට්ස් ගුවන් යානය බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන අතර , එහි මගීන් 76 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබැස්සවීමට පියවර ගෙන තිබුණි .

ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමෙන් අනතුරුව , මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් රාත්‍රී 11.20 ට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වූ අතර , එම ගුවන් යානය රාත්‍රී 11.40 කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත ගැන පියල් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය රැස්වේ

Mohamed Dilsad

Leave a Comment