ක්‍රීඩා

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

(උදයම්,ජැමෙයිකාව)  – ජැමෙයිකාවේදී පසුගියදා පැවැති යූටෙක් ක්ලැසික් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ හිමාෂ ඒෂාන් තත්.10.29කින් තරගය නිම කරමින් 6 වැනි ස්ථානයට පැමිණියේය .

මෙහි විශේෂත්වය වන්නේ මෙම තරගයට ජැමෙයිකාවේ ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් ද සහභාගි වී ඇති අතර ඔහුට මෙම තරඟයේ 8 වන ස්ථානය හිමි වීමය.

ඒ අනුව යොහාන් බ්ලේක් පසුකර යමින් 6 වැනි ස්ථානයට පත් හිමාෂ වාර්තා කළ තත්.10.29 ක කාලය ඔහු මෙම වසරේ වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන්වේ.

මෙහි තත්පර 10.08 කින් තරගය අවසන් කළ සාර්නෙල් හියුස් පළමු ස්ථානය දිනා ගත්තේය.

කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ පුහුණුකරු වන ග්ලේන් මිල්ස් මහතා යටතේ පුහුණුවීම් කටයුතු කිරීම සඳහා හිමාෂ ඒෂාන් මේ දිනවල ජැමෙයිකාවේ රැඳී සිටී.ඔහු මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියයි.

Related posts

බංගලාදේශයට ලකුණු 21 ක පෙරළිකාර ජයක්.

Mohamed Dilsad

ස්පාඤ්ඤයේ පැවති මෝටර් රථ තරඟාවලියකදී ඩිලන්තගෙන් විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ආසියානු කුසලානයේ තරග කාලසටහන මෙන්න

Mohamed Dilsad

Leave a Comment