ක්‍රීඩා

බංගලාදේශයට ලකුණු 21 ක පෙරළිකාර ජයක්.

(UTV| කොළඹ) – ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග ඊයේ (02) පවැති තරඟයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශය සමත්විය.

තරඟයේ කාසිය වාසිය දිනූ අප්‍රිකානු නායක ෆාෆ් ඩූ ප්ලෙසිස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 330 ක් රැස් කර ගැනීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කලේ ලකුණු 309 ක් පමණයි.

ලෝක කුසලනයකදී බංගලාදේශය විසින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙය වන අතර ලෝක කුසලාන තරඟාවලියකදී බංග්ලාදේශ කණ්ඩායම වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයක්.

මිට අමතව ලෝක කුසලාන ක්‍රිකට් තරග මාළාවේ සත්කාරක එංගලන්තය සහ පාකිස්ථානය අතර තරගය අද (03) පස්වරුවේ එංගලන්තයේ නොටින්හැම් හීදි පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්කොට්ලන්ත තරඟය මාලිංගට අහිමි වුනේ ඇයි?

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට පෙර(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment