ක්‍රීඩා

විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවෙන් වනිඳු ලෝකයේම දෙවැනි තැනට

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ‍්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන කී‍්‍රඩක වනිඳු හසරංග සමත්වී සිටී. ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළට පැමිණීමට වනිඳු සමත් වී තිබේ.

වනිඳු හසරංග අදාළ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැුඳුණු අතර ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් එහි දෙවැනි ස්ථානයේ පසුවිය. කෙසේ වෙතත් නිමා වූ ඉන්දීය පළමු විස්සයි විස්ස තරගයෙන් පසු රෂීඞ් ඛාන් තෙවැනි ස්ථානයට ඇද දමමින් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වන්නට වනිඳුට හැකියාව ලැබී තිබේ. ඒ අනුව අදාළ ලැයිස්තුවේ වනිඳුට ඉදිරියෙන් දකුණු අප‍්‍රිකානු පිල නියෝජනය කරනු ලබන තබ්‍රේස් ශම්සි පළමු ස්ථානයේ පසුවේ.

ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා විස්සයි-20 තරග 20 කට ක‍්‍රීඩා කර ඇති වනිඳු කඩුලූ 28 ක් බිඳ හෙළා තිබේ. මෙම වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12 ක් තුළ දවා ගත් කඩුලූ 3 ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවිම ලෙසින් සටහන් වේ.

Related posts

ක්‍රිකට් පිටියේ අනතුරක්

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශයක් ශම්මි සිල්වා ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරගයක් අද

Mohamed Dilsad

Leave a Comment